BREAKING NEWS
Search

රාජකාරියට වාර්තා නොකළොත් වෙන දේ මෙන්න.. රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක්..

421

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ රාජකාරි සඳහා පත්වීම් ලිපි ලබාගත් නිලධාරීන්,සේවකයින් ඊට වාර්තා නොකරන්නේනම් ඒ සමබන්ධයෙන් දැඩි පියවර ගැනීමට සූදානමක් පවතින බව වාර්තා වෙනවා..

මැතිවරණයේ රාජකාරි සඳහා පත්වීම් ලිපි ලබාගත් නිලධාරීන්,සේවකයින් ඊට වාර්තා නොකරන්නේනම් එය රුපියල් ලක්ෂයක දඩයක් හෝ වසර තුනක් දක්වා සිර දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් මේ බව නිවේදනය කළා..

තැපැල් ඡන්ද අයදුම් කර නොතිබීම මෙන්ම අඩුපාඩු සහිත අයදුම්පත් ප්‍රතික්ෂේප වීම මැතිවරණ රාජකාරිවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පවසා තිබුණා..

මේ අතර, මැතිවරණ රාජකාරි සඳහා වාර්තා කරන ලෙස පත්වීම් ලිපි ලැබෙන සියලුම නිලධාරීන් අදාළ මැතිවරණ රාජකාරියට වාර්තා කළ යුතු බවත්,තමන්ගේ නිත්‍ය සේවා ස්ථානයට වාර්තා කිරීමෙන් පසුව පැමිණීමේ සහතිකය ආයතන ප්‍රධානියාට ඉදිරිපත් කළ යුතු බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් මෙහිදී පවසා තිබුණා..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *