රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
❌
ඔබ ලබාදුන් පිළිතුර වරදී. නැවත උත්සාහ කරන්න
ඔබට ලැබී ඇති මෙම තරග අංකය ෆේස්බුක් පිටුවේ ඇති POST එකේ COMMENT කර තහවුරු කරන්න
කොපි විය!
ඇගේ සිද්ධියත් එක්ක ජාත්‍යන්තර පාසල්වලට ඇති අවදානය වැඩි වුණා කිව්වොත් හරි..
කොහොම වුණත් ජාත්‍යන්තර පාසලකට දරුවන් යවන්න කලින් දෙපාරක් ඒ ගැන හිතන්න දැන් මව්පියන්ට සිදුවෙලා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචියක් ගැන කතාවක්.. දිවයිනේ සියලුම ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා වෙනම ඒකකයක් වහාම පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා..
එම පාසල්වල ගුරුවරුන්ගේ සුදුසුකම් හා ඉගැන්වීම් ක්‍රම , දරුවන්ගේ විනය , ගාස්තු අය කිරීමේ විෂමතා සහ විෂය නිර්දේශ ආවරණය නොකිරීම වැනි ගැටලු රැසක් පවතින බවයි, ජාතික විගණන කාර්යාලය පසුගිය 2020 වසරේ නිකුත් කළ වාර්තාවක සඳහන් වී ඇත්තේ..
කෙසේ වෙතත්, ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමේ ආයතනයක් නොමැති වීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.. මෙරට ජාත්‍යන්තර පාසල් 395ක් පවතින අතර, එම ජාත්‍යන්තර පාසල් 395න් 195ක් බස්නාහිර පළාතේ ස්ථාපිත වී තිබෙනවා..
කෙසේ වෙතත් නෙළුම් කුළුණෙන් පැන දිවි නසා ගත් දැරියගේ සිද්ධියෙන් පසු එම පාසල් නියාමනය සඳහා වෙනම ඒකකයක් පිහිටුවීමෙන් පසු එම තත්ත්වය වෙනස් වනු ඇතැයි අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පවසා තිබුණා..