රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
අද (10) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 766,483 ක් ලෙසයි. එය ඊයේ (09) දිනයට සාපේක්ෂව රුපියල් 3,080 ක අඩුවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,040 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,790 ක් සහ රුපියල් 23,660 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 216,300 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 198,300 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 189,300 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
වෙනත් පුවත්
යුද්ධ හමුදාවේ නිලධාරීන් රැසකට උසස්වීම්
යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය අද (10)ට යෙදී තිබෙනවා.
එයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබෙනවා.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත එම උසස්වීම් ලබාදුන් බව නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කරයි.
ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හි ලුතිනන් නිලයේ නිලධාරීන් සහ උපකරණ පාලක නිලධාරීන් 131 දෙනෙකු කපිතන් නිලයටත්, දෙවන ලුතිනන් නිලයේ නිලධාරීන් 08 දෙනෙකු ලුතිනන් නිලයටත් උසස්වීම් ලැබා තිබෙනවා.
තවද, නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හි බලලත් නිලධාරී II නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 99 දෙනෙකු බලලත් නිලධාරී I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 185 දෙනෙකු බලලත් නිලධාරී II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 380 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත් උසස් කර ඇති බව සඳහන්.
කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 346 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 111 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළුන් 152 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලබා තිබෙනවා.

















