රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණියගේ දිවි බේරා ගැනීමට දුම්රිය රියදුරුගේ දැඩි අවධානය නිසාවෙන් අද (10) උදෑසන හැකි ව ඇත.
එම මවගේ සහ දියණිය ගේ දිවි බේරුණ ද දුම්රිය ගැටීමෙන් දෙදෙනාටම සුලු තුවාල සිදුව ඇති අතර 1990 සුව සැරිය ගිලන් රථයක් මගින් එම දෙදෙනා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත.
මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසු මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බව අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
අදාල අංක 830 දරණ දුම්රිය අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබියදී හිගුරල උප දුම්රිය ස්ථානය අසල දුම්රිය නැවැත්විය යුතු නිසාවෙන් එම දුම්රිය වේග පාලනයක් යටතේ ධාවනය කර වූ බැවින් මෙම ජීවිත දෙක බේරා ගැනීමට හැකි වී ඇතැයි සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් පැවසීය.
වෙනත් පුවත්
මනුෂ්‍ය ඝාතන දෙකකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අල්ලයි
මනුෂ්‍ය ඝාතන දෙකකට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බියගම සහ රුවන්වැල්ල ප්‍රදේශයේ සිදුවූ ඝාතන දෙකකට අදාළ සැකකරුවන් දෙදෙනෙකි.
බියගම මල්වාන ප්‍රදේශයේදී පසුගිය මස 23 වැනි දින තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.
ඝාතනයට ලක්ව ඇත්තේ මල්වාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.
මරණකරු සහ සැකකරු අතර ඇතිව තිබූ පුද්ගලික ආරවුලක් ඝාතනයට හේතුව වී ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබුණි.
එමෙන්ම රුවන්වැල්ල ප්‍රදේශයේ දී පසුගිය 2021 වසරේ අප්‍රේල් මස 09 වැනි දින පුද්ගලයෙකුට පහරදී ගෙල සිරකර ඝාතනය කෙරූ සිද්ධියේ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව ඊයේ (09) දින ගාල්ල, ගෝනපීනුවල ප්‍රදේශයේදී ඝාතනයට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
සැකකරු ඝාතනයෙන් පසු විදේශගතව සිට පසුගිය 2022 වසරේ නැවත මෙරටට පැමිණ ඇති අතර ගාල්ල, ගෝනපීනුවල ප්‍රදේශයේ කාමරයක් කුලී පදනම මත ලබා ගනිමින් සැඟව සිට තිබේ.
සිද්ධිය සම්බන්ධව මනුශ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.




















