BREAKING NEWS
Search

හිටපු අමාත්‍ය වරයෙකුගේ බැංකු ගිණුම් දෙකක් තහනම් කරයි

274

හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළවයි.

දූෂණ විරෝධී පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යවරයාට අයත් කොග්ගල සහ මතුගම පිහිටි බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයක් සඳහා තහනම් කිරීමට අවශ්‍ය බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (10) කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *