BREAKING NEWS
Search

අජිත් නිවාඩ් ඇතුළු සිව්දෙනෙකුට අධිචෝදනා පත්‍ර

205

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබේ.

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති අවස්ථාව මෙරට රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුලින් ලංකා රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදුකළේ යැයි ඔහු ඇතුළු හතර දෙනෙකුට චෝදනා එල්ල විය.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසු එක් විත්තිකරුවෙකු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

අනතුව විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත් විදේශගත වන්නේ නම් අධිකරණයේ අවසර ලබා ගත යුතු බවත් නියෝග කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *