BREAKING NEWS
Search

අතරමඟදී හමුවූ තරුණිය තරුණයාට දරුවකු තෑගි කරලා සේසතටත් විදලා පලා ගිහිං – නිට්ටඹුවෙන් ඇහෙන අමුතු කතාව

509

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරුණයා අසල තනිකර දමා, තරුණයාගේ ජංගම දුරකථනයද සොරාගෙන පලාගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.

නිට්ටඹුව වතුපිටිවල නගර සීමාවේ පිහිටි තරුණයාගේ නේවාසික කාමරයේ සිය අත දරුවා තනිකර දමා මෙම තරුණ කාන්තාව අලුයම් කාලයේ පලාගොස් ඇති බව පොලිසිය කියයි.

තරුණයා පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා කොළඹ නගරයට ගොස් සිටියදී කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඔහුට මෙම තරුණ කාන්තාව මුණගැසී හඳුනාගෙන ඇත.

එහිදී දෙදෙනා ඔවුන්ගේ ජංගම දුරකථන අංක හුවමාරු කරගෙන ඇති බවද, දින කිහිපයක දී දෙදෙනා පෙම්වතුන් වී ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

මෙම කාන්තාව සිය දරුවාද රැගෙන නිට්ටඹුව වතුපිටිවල පිහිටි තරුණයාගේ නේවාසික කාමරයට ඉකුත් 18 වැනිදා පැමිණ ඇති බවද තරුණයා සමග දින දෙකක කාලයක් කාමරයේ ගතකර ඇති අැය සිය දරුවා තරුණයා අසල තනිකර දමා තරුණයාගේ ජංගම දුකරථනයද සොරාගෙන අලුයම් කාලයේ පලාගොස් ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

අැය සිය දරුවා තනිකර දමා පලාගිය දින සිට ඇයගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර ඇති බවද තරුණයා මේ පිළිබඳව පොලිසියට කළ ප්‍රකාශයෙහි දැක්වේ.

අැය දරුවා රැගෙන යාමට පැමිණෙනු ඇතැයි සිතා තරුණයා සිය රැකියාවටද නොගොස් දරුවා ආරක්ෂා කරගෙන නේවාසික කාරමයේද රැදී සිට ඇත.

මේ අතර මවක හෝ කාන්තාවක නොමැතිව නේවාසික කාමරයක දරුවකු සහ තරුණයකු සිටින බවට ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියටද තොරතුරු ලැබී එම නිලධාරිනිය තරුණයාගේ කාමරයට ගොස් දරුවා පිළිබඳව තොරතුරු විමසා දරුවා පරීක්ෂා කර බලා පිටව ගොස් ඇති බවද පොලිසිය කියයි.

දරුවකු සමග තරුණයකු පමණක් කාමරයක සිටින බවට අංක 119 දුරකථනය ඔස්සේ පොලිස් හදිසි ඇමතුම් අංශයට කිසියම් පුද්ගලයකු විසින් කරන ලද දැනුම් දීමකට අනුව ඉකුත් 08 වැනිදා නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ පිරිසක් තරුණයාගේ නේවාසික කාමරය සොයා ගොස් තරුණයා සමග අත දරුවා පොලිස් භාරයට ගෙන ඇත.

නිට්ටඹුව ඕර්චඩ්වත්ත ග්‍රාමයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි තරුණයා වතුපිටිවල නගරයේ නේවාසිකව රැඳී සිටිමින් අලව්ව නගරයේ පිහිටි කොසු ඉදල් නිපදවන වැඩපලක සේවය කරන්නකු බවද පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *