බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (09) නියෝග කළා.
ඒ, 2014 වසරේදී කොළඹ කොම්පඤ්ඤවීදයේ හෝටලයක පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් වැරදි අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට පළ කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ විවෘත අධිකරණයේ උන්වහන්සේ පෙනී නොසිටිම හේතුවෙන්.
කොම්පඤ්ඤවීදිය පොලිසිය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියා.
මෙම නඩුව ලබන වසරේ මාර්තු 5 වනදා දක්වා කල්තැබුවා.




















