ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති හිමිකම් කප්පාදු කිරීමට වත්මන් රජය උත්සහ දරන බවට පැතිරයන මාධ්‍ය වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා.
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති හිමිකම් කප්පාදු කිරීමට වත්මන් රජයට කිසිඳු අදහසක් නොමැති බවයි ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේ.
පසුගියදා (07) ආරක්‍ෂක ලේකම්වරයා ලෙස වැඩභාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සිදුකළ පළමු නිල සංචාරයේදී ගුවන් හමුදා සාමාජිකයින් අමතමින් කිසිඳුසම්පත් තුයියකොන්තා මහතා මේ බව කියා සිටියා.
මෙම සංචාරය අතරතුර ආරක්‍ෂක ලේකම්වරයා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ගුවන් හමුදා මූලස්ථානයේ අංශ කිහිපයක නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත වුණා.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද ආරක්‍ෂක ලේකම්වරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටියා.

















