BREAKING NEWS
Search

මෙන්න ඔබට සතුටු හිතෙන ආරංචියක් – රන් මිල තවත් අඩුවෙලා

893

අද (09) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 769,563 ක් ලෙසයි. එය ඊයේ (08) දිනයට සාපේක්ෂව රුපියල් 6,107 ක අඩුවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,150 ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,890 ක් සහ රුපියල් 23,760 ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 217,200 ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 199,100 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 190,050 ක් ලෙසත් සඳහන්ව තිබුණා.

වෙනත් පුවත්

ශ්‍රී ලංකාවට එරෙහි වන ඉන්දිය ක්‍රීඩිකාවට දඬුවම්

ශ්‍රී ලංකාවට එරෙහිව අද දිනයේ තරග බිමට පිවිසෙන ඉන්දීය පිලේ තුන් ඉරියව් ක්‍රීඩිකා අරුන්දතී රෙඩ්ඩිට අයිසීසීය ඊයේ තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක් හා අසාදු ලකුණක් දඬුවම් ලෙස නියම කළේය. පාකිස්තානය සමඟ පැවති තරගයේදී ඇය විසින් පාකිස්තාන ක්‍රීඩිකාවකට ඇඟිල්ල දිගු කොට තර්ජනය කළ බවට චෝදනා කරමින් මේ දඬුවම පනවා තිබේ.

දකුණත් වේග පන්දු යවන රෙඩ්ඩිට අයිසීසීය විසින් අසාදු ලකුණක් ලබාදුන් පළමු අවස්ථාව මෙයවූ අතර, වසර දෙකක කාලය තුළ ඇයගේ පළමු වරද මෙය විය. ඉදිරි කාලසීමාව තුළ වැරදි ලකුණු හතරක් එක් වුව හොත් ඇය තරග තහනමකට ලක්වනු ඇත. අයිසීසී චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය අනුව භාෂාව, ක්‍රියාව හෝ අභිනය භාවිත කොට අපහාස කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. මේ දඬුවම තරග තීරක දකුණු අප්‍රිකානු ජාතික ෂැන්ඩ්‍රි ෆ්‍රිට්ස් මහත්මිය විසින් යෝජනා කළ අතර, එයට රෙඩ්ඩි අභියෝග කළේ නැත.

මේ තහනම නිසා රෙඩ්ඩිට තරගය අමිහිරි එකක් බවට පත් වුවද කඩුලු තුනක් දවාගැනීම හේතුවෙන් දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.

ප්‍රින්ස් ගුණසේකර ඩුබායි ක්‍රීඩාංගණයේ සිට…

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *