BREAKING NEWS
Search

බිත්තර කොමිස් ගන්න ආණ්ඩුවේ ලොක්කා ගැන සොයයි

356

ඉල්ලුම අඩුවීම නිසා දින කිහිපයකට පහළ ගොස් තිබූ බිත්තර මිල නැවතත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ඇමතිවරුන්ට ගිය කොමිස් මුදල නතරවීම මත මෙය සිදුවූ බව බිත්තර මිල අඩු වූ දිනවල ආණ්ඩුවේ පාර්ශවයේ ප්‍රධානියකු පැවසූ බවත් හෙතෙම පැවසීය.

නමුත් දැන් පෙර සේම බිත්තර ඉහළ මිලකට ගොස් ඇති බවත් දැන් කොමිස් මුදල යන්නේ කාටදැයි ජනාධිපතිවරයා විසින් වහා සොයා බලා ජනතාවට පැවසිය යුතු බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

වෙනත් පුවත්

ලැප්ටොප් සහ ජංගම දුරකථන 437ක් සමග චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ  නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි චීන ජාතිකයින් 20 දෙනෙක් පානදුර උතුර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයින් සතුව තිබී ලැප්ටොප් 5ක්, ජංගම දුරකථන 437ක්, තරාදියක්, USB කේබල් 332ක්, ජංගම දුරකථන චාජර් 133ක්, USB වයර් කෝඩ් 21ක්, රවුටර් 17ක් ,අයි ෆෝන් 2ක් සහ තවත් උපාංග කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් ලැගුම්ගෙන සිටි හෝටලයෙන් ආහාර ලබාගෙන ඇති අතර මාසිකව ලක්ෂ විස්සක කුලී පදනම මත එම හෝටලයේ ඔවුන් රැඳී සිටි බව පොලීසිය ප්‍රකාශ කළේය.

මොවුන් සියලුදෙනා අද (09) පානදුර මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔවුන් මූල්‍ය අපරාධය සිදුකර ඇත්ද යන්න සොයාබැලීම සඳහා විමර්ශන පැවැත්වෙන බව සඳහන් ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, පසුගිය ඔක්තෝබර් 6 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හංවැල්ල පොලිස් වසමේ දී අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතික පිරිස හා අද දිනයේ අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් අතර සම්බන්ධතාවයක් තිබේද යන්න පිළිබඳ විමර්ශන සිදුකරමින් පවතින බව සඳහන්ය.

පානදුර උතුර පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *