මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.
දේශපාලන පක්ෂ 17 ක් සහ ස්වාධීන කණ්ඩායම් 16 ක් මෙසේ නාම යෝජනාදී ඇත.
මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම පසුගිය4 වැනිදා ආරම්භ කෙරිණ. එය අවසන් වන්නේ අනිද්දා (11) පෙරවරු 12.00ටය
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සහ ජනප්රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ “එක්සත් ප්රජාන්ත්රවාදී හඩ” නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම අද (09) දින සිදු විය.
එළඹෙන මහ මැතිවරණය සදහා මෙම පක්ෂය තරග කිරීමට බලාපොරොත්තු වන අතර ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් මහතා ද එම පක්ෂයට එක් වූ අතර ඒ මහතා එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස පත් කර ඇත
වෙනත් පුවත්
ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපතිවරණයට ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ කමලා හැරිස්ය.
කමලා හැරිස් ජනාධිපතිවරණය ජයග්රහණය කළොත්, ඇය ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව වනු ඇත. ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි කමලා හැරිස් ප්රකාශ කළේ ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
කමලා හැරිස් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වුවහොත් ඇය ඊශ්රායලයට දිගින් දිගටම සහාය දක්වමින් දැඩි ඉරාන විරෝධී ප්රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
(ඒ.එෆ්.පී.)



















