BREAKING NEWS
Search

තරුණයෙකුට දිවි අහිමි කල මාරක රිය අනතුර

224

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පුද්ගලයින් දෙදෙනෙක් ගමන් ගත් යතුරුපැදියක් බණ්ඩාරගම වෑවිට තැඹිලිකොටුව හන්දිය ආසන්නයේදී කුඹුක් ගසක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුරින් එක් තරුණයෙක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම, බටහිර බණ්ඩාරගම පදිංචිව සිටි ළහිරු නිමන්ත ජයතිලක නමැති 18 හැවිරිදි  තරුණයෙකි.

යතුරුපැදිය බණ්ඩාරගම – කළුතර මාර්ගයේ මොරන්තුඩුව දෙසට ධාවනය වීමේදී වෑවිට මංසන්ධිය පසුකර ටිකදුරක් යාමේදී තැඹිලිකොටුව හන්දිය ආසන්නයේදී පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් කුඹුක් ගසේ ගැටීමෙන් අනතුර සිදුවී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුර සිදුවූ ස්ථානයේදීම එහි පැදිකරු ලෙස කටයුතු කළ 18 හැවිරිදි  තරුණයා මියගොස් තිබූ අතර 49 හැවිරිදි බණ්ඩාරගම රොටරිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (08) රාත්‍රියේදීම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අනතුරින් යතුරුපැදියේ ඉදිරිපස රෝදය කැඩී බරපතළ අලාභානි සිදුව තිබූ අතර කුඹුක් ගසටද හානි සිදුවී ඇත.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) හොරණ දිස්ත්‍රික් රෝහලේ දී සිදුකිරීමට නියමිතය.

බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *