ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ නඩුවෙන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (මැයි 21) නියෝග කළේ ය.
එම සිද්ධියට අදාළව ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ තීන්දුව අද දින ලබා දෙන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉකුත් දා ප්‍රකාශ කළේ ය.
ඒ අනුව ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී විනිසුරු මඩුල්ල මෙලෙස එම නඩුවෙන් නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේ ය
Mawbima.lk

















