පසුගියදා බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩු වුවද මේ වනවිට එම මිලට දිවයිනේ බොහෝ ස්ථානවල බිත්තර මිලදී ගැනීමට නොමැති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.
ඒ අනුව, රුපියල් 20ත් 30ත් අතර මිලක් දක්වා පහළ ගිය බිත්තරයක මිල යළි රුපියල් 40ට වඩා ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල රුපියල් 50ට ආසන්න අගයක් දක්වා බිත්තර මිල මෙසේ ඉහළ ගොස් තිබෙනවා.
නිශ්පාදනය පහත වැටීම හමුවේ මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එමෙන්ම නිෂ්පාදන අතිරික්තය අලෙවී වී ඇති බැවින්, දෛනික බිත්තර නිෂ්පාදනය මේ වනවිට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොමැති බවටයි එම ආරංචි මාර්ග පවසන්නේ.
එසේම පවතින තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපය තුළ දී බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



















