BREAKING NEWS
Search

අභිරහසක් ඉතිරි කරමින් පාලු ලිඳෙන් හමු වූ තරුණයෙකුගේ නිසල සිරුර

137

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණය ආසන්නයේ අතුරු මාර්ගයක් අසල ඇති ළිඳක් තුළ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (08) දහවල් ඒ පිළිබඳව පොලීසියට පණිවුඩයක් ලැබුණු බවය.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 23ක් වූ වැයිහේන, මත්තක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය තරුණයා ඊට පෙරදින ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය රෝහලේ තැන්පත් කර ඇත.

ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

වෙනත් පුවත්

දහම් පාසල් අවසාන විභාගයේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ

2024 දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ අයදුම්පත් භාරගැනීම 2024.10.07 වන දින සිට 2024.10.21 දින දක්වා දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්, අමිත් ජයසුන්දර මහතා මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ අයදුම්පත් www.doenets.lk යන වෙබ් අඩවියෙන් භාගත කරගැනීමට හා සියලූම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.

සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2024.10.21 වන දිනට පෙර විභාග කොමසාරිස් ජනරාල්, ආයතනික විභාග සංවිධාන ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ.පෙ 1503, කොළඹ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු වේ.

සියලු විමසීම් – 0112 785 230 / 0112 786 150

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *