නවවැනි පාර්ලිමේන්තුව පැවති, මෙම කාලසීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මන්ත්‍රීධුර 19 ක පුරප්පාඩු තිබු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පවසනවා.
එම සන්නේවේදනය අංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 2020 අගෝස්තු 20 වැනි දින පළමු රැස්වීමෙන් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ කාල සිමාව තුළ අවස්ථා 18 ක දී මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්වී ඇති බවයි.
ඒ අනුව මන්ත්‍රීවරුන් 241 ක් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙන අතර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ පත්කරන තිබුණා.
එමෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට නැවතත් ජයන්ත කැටගොඩ පත්කරන තිබෙනවා.
මේ අයුරින්ම මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ අසුන සඳහා ඒ. එච්.එම්. ෆවුසි තේරී පත්වූ අතර අධිකරණ තීන්දුවක් අනුව පුරප්පාඩු වූ ඩයනා ගමගේ පාර්ලිමේන්තු අසුන සඳහා නැවතත් මුජිබර් රහුමාන් පත් කර තිබෙනවා.
කෙසේ වුවද පුරප්පාඩු හරීන් ප්‍රනාන්දුගේ මන්ත්‍රීධූරය සඳහා නව මන්ත්‍රීවරයකු පත් කිරීමක් සිදු නොවුණා.
සුවිශේෂී කාරුණු රැසක් හේතුවෙන් වඩාත් ජනතා අවධානයට ලක්වූ නවවැනි පාර්ලිමේන්තුවේ සිදු වූ සුවිශේෂීම සිදුවීමක් වූයේ මෙරට 7වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙරට 8වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරා පත්වීමයි.
මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය වෙනුවට නව මන්ත්‍රීවරයෙකු පත් වීම ඇතුළුව නව මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්වී ඇත.
2020 අගෝස්තු 20 වැනි දින පළමු රැස්වීමෙන් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ කාල සිමාව තුළ පුරප්පාඩුව ඒ සඳහා පත් වු මන්ත්‍රීවරුන් වන්නේ ,
ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වී බැසිල් රාජපක්ෂ පත් කෙරිණ,
අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වී ජයන්ත කැටගොඩ පත් කෙරිණ,
මහින්ද සමරසිංහ ඉල්ලා අස්වී ලලිත් වර්ණකුමාර පත් කෙරිණ
බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වී ධම්මික පෙරේරා පත් කෙරිණ
මුජිබර් රහුමාන් ඉල්ලා අස්වී ඒ. එච්. එම්. ෆවුසි පත් කෙරිණ
චමින්ද විජේසිරි ඉල්ලා අස්වී නයන වාසලතිලක පත් කෙරිණ
උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වී එස්. සී. මුතුකුමාරණ පත් කෙරිණ
තලතා අතුකෝරල ඉල්ලා අස්වී කරුණාරත්න පරණවිතාන පත් කෙරිණ
රංජන් රාමනායකආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හෝ 91 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මන්ත්‍රීධුරයක් දැරීමට නුසුදුස්සෙකු වීම හේතුවෙන් ඒ සඳහා අජිත් මාන්නප්පෙරුම පත් කෙරිණ.
ඩයනා ගමගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හෝ 91 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මන්ත්‍රීධුරයක් දැරීමට නුසුදුස්සෙකු වීම හේතුවෙන් ඒ සඳහා මුජිබර් රහුමාන් පත් කෙරිණ.
නසීර් අහමඩ් පක්ෂ සාමාජිකත්වයෙන් පහ කිරීම හේතුවෙන් අලි සහිර් මවුලානා පත් කිරීම
මනූෂ නානායක්කාර පක්ෂ සාමාජිකත්වයෙන් පහ කිරීම හේතුවෙන් ඒ සදහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පත් කිරීම
හරීන් ප්‍රනාන්දු පක්ෂ සාමාජිකත්වයෙන් පහ කිරීම හේතුවෙන් නව මන්ත්‍රීවරයෙක් පත් නොකරන තිබෙනවා.
අමරකීර්ති අතුකෝරල මියයෑම හේතුවෙන් ජගත් සමරවික්‍රම පත් කරන තිබෙනවා.
සනත් නිශාන්ත මියයෑම හේතුවෙන් ජගත් ප්‍රියංකර පත් කර තිබෙනවා.
එච්. නන්දසේන මියයෑම හේතුවෙන් එම්. ජී. වීරසේන පත් කර තිබෙනවා.
ආර්. සම්බන්ධන් මියයෑම හේතුවෙන් කදිරවේලු කුගදාසන් පත් කර තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් වජිර අබේවර්ධන පත් කර තිබෙනවා.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ලක්ෂ්මන් නිපුණාරච්චි පත් කර තිබෙනවා.
මෙම පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම් 4කට ලක්වී ඇති අතර මින් පළමු වාර අවසාන කිරීම් දෙක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කොට ඇති අතර තෙවැනි සහ සිව් වැනි වාර අවසාන කිරීම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කර තිබෙනවා.
මේ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ සභාවාර 5ක් පැවතී ඇති අතර පළමු සභාවාරය 2020.08.20 දින සිට 2021.12.12 දක්වාත්, දෙවැනි සභාවාරය 2022.01.18 දින සිට 2022.07.28 දක්වාත්, තෙවැනි සභාවාරය 2022.08.03 දින සිට 2023.01.27 දක්වාත්, සිව් වැනි සභාවාරය 2023.02.08 දින සිට 2024.01.26 දක්වාත් පස්වැනි සභාවාරය 2024.02.07 සිට 2024.09.24 දින පාර්ලිමේන්තුව විසුරුවාහැරීම දක්වාත් ක්‍රියාත්මක වී තිබෙනවා.
එසේම මෙම සභාවාර 5 තුළ පාර්ලිමේන්තුව දින 390ක් රැස්වී තිබෙන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය වැඩිදුරටත් නිවේදනය කර සිටියා.




















