වසර 2022දී ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන් අතර එම අවස්ථාවේ එවක පැවති රජය භාණ්ඩ දෙදහසකට අධික ප්‍රමාණයකට ආනයන සීමා පැනවුණා.. නමුත් ක්‍රමිකව එම සීමා ලිහිල් කිරීමක් ද සිදු කරනු ලැබුණා…
එම තීරණයෙහි වෙනසක් ඉදිරියේදී සිදු කෙරෙන්නේදැයි ඉකුත්දා ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු මහ බැංකුව අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසීමක් කළා..
ඊට පිළිතුරු දුන් මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ නිල විදේශීය සංචිතයට බලපෑමක් නොවන ආකාරයට වාහන ගෙන්වීමට අවශ්‍ය නිර්දේශ තමන් දැනටමත් මහා භාණ්ඩාගාරයට දී ඇති බවයි..
නමුත් ඒ ආකාරයට කටයුතු සිදු කරන්නේදැයි යන තීරණය ගත යුත්තේ මුදල් අමාත්‍යාංශය බව ද ඔහු මෙහිදී අවධාරණය කළා..



















