කොල්ලාගෙන් ගන්න බැරි වුණු පලිය බල්ලාගෙන් ගන්න බලු‍ වැඩක් කල අයෙක් – අම්බලන්ගොඩින් ඇසෙන කතාව

574

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කොල්ලාගෙන් ගන්න බැරි වුණු පලිය බල්ලාගෙන් ගන්න බලු‍ වැඩක් කොට බලු‍ කූඩුවේ නොවැටී අනූනවයෙන් බේරුණු අයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබේ.

යාබද නිවෙස් දෙකකි. වැටකින් වෙන්වී තිබේ. එක නිවෙසක කොල්ලා සහ බල්ලාය. අනෙක් නිවෙසේ කතානායකයාය. කතානායකයා රජ වැඩකාරයෙකි. පරිසර දූෂණය වන ව්‍යාපාරයක් ගමේ පවත්වාගෙන ගියේය. කොල්ලාගේ අප්පුච්චා මෙයට තදින්ම විරුද්ධ විය. ඒ, තමන්ලාගේ සහ අහල පහළ අයගේ සෞඛ්‍යය ගැන සිතාය. අප්පොච්චා ඔහුට නැති වෙන්නම දුන්නේය. ඒ, නීතියෙනි. ඒ නිසාම කනායකයාට පරිසර දූෂණ ව්‍යාපාරය ගමෙන් රැගෙන යාමට සිදු විය. මේ සමගම කතානායකයා කොල්ලාගේ ගෙදර අය සමග සිටියේ බද්ධ වෛරයෙනි.

ඔහු කොල්ලාට අණවින කොඩිවින කළේය. ගෙරි කටු පුච්චා කොල්ලාගේ වත්තට දැමුවේය. මේ එකකින්වත් කොල්ලාට හානියක් නොවුණේ ඔවුන්ගේ හොඳ කල්කිරියාව නිසාවෙනි.

මේ අල්ල පනල්ලේ කොල්ලාගේ බල්ලා වැට මායිමේ සිට බුර බුර සිටියේය. එක වරම උගේ බිරුම නතරව බල්ලා කහින ශබ්දයක් ඇසිණි. අල්ලපු වැටේ සිටින කතානායකයාගේ තරම දන්නා කොල්ලා සිය නිවසේ සී.සී.ටී.වී. කැමරාව පරීක්ෂා කළේය. දෙයියනේ, අල්ලපු වැටේ එකා වත්තට විදිමින් සිටි විෂ වල් නාශක බල්ලාගේ නාසයට ඉසින අයුරු එහි පටිගත වී තිබිණ. මෙය දුටු කොල්ලා අප්පුච්චා සමග ගියේ අම්බලන්ගොඩ පොලීසියටය. ඒ, පැමිණිල්ලක් දැමීමටය.

යම් හෙයකින් බල්ලා මැරුණහොත්, කතානායකයාට වෙන්නේ බලු‍ කූඩුවේ ලැගීමට බව පොලීසිය කීවේය.බල්ලාගේ සහ කතානායකයාගේ වාසනාවකට හෝ අවාසනාවකට බල්ලා තවම යහතින් සිටින්නේලු‍.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *