BREAKING NEWS
Search

රාජ්‍ය වෙසක් උත්සවයට වැය කිරීමට ගිය රු. මිලියන 100 කොවිඩ් නිසා සංවර්ධන කටයුතුවලට

127

මෙවර නාගදීප රජමහා විහාරය කේන්ද්‍රව පවත්වන්නට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මිලියන 100 කට වැඩි මුදලක් වැය කිරීමට නියමිතව තිබූ අතර මේ වන විට එම මුදල් සංවර්ධන සහ සමාජ සත්කාර සඳහා යොදවන්නට සැලසුම් කර තිබෙන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන මහතා පවසයි.

අද (මැයි 21) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පවසා සිටියේ, කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මෙවර රාජ්‍ය උත්සවය නොපැවෙත්වෙන අතර උතුරු පළාතේ සියලු ම පන්සල්වල සංවර්ධන කටයුතු සඳහා එම මුදලින් මිලියන 38 ක මුදලක් වැය කිරීමට නියමිත බවයි.

මීට අමතරව නාගදීප විහාරයේ සංවර්ධන කටයුතු සඳහා මේ වන විට ඉන් රු. මිලියන 14 ක මුදලක් වැය කර ඇති අතර හින්දු කෝවිල් 2 ක් සංවර්ධනයට මිලියනයක මුදලක්, ක්‍රිස්තියානි දේවස්ථාන 7 ක් සඳහා මිලියන 3.5 ක් හා නාගදීපයේ තෝරාගත් මුස්ලිම් පල්ලියක් සංවර්ධනය සඳහා මිලියන 3.3 ක් යෙදවීමට කටයුතු කර ඇති බවද බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.

තවද උතුරු පළාතේ දහම් පාසල් 19 ක් සංවර්ධනයට රු. ලක්ෂ 153 ක් සහ දහම් පාසල් 35 ට උපකරණ ලබාදීමට රු.ලක්ෂ 105 ක මුදලක් යොදවන බවද ලේකම්වරයා පැවසීය.

තවද එම ලේකම්වරයා පැවසූවේ, යාපනය ප්‍රදේශයේ පවුල් 500 ට හාල්, පරිප්පු, පිටි සහ සීනි යන ද්‍රව්‍ය 1kg ක බැගින් සහ කිරි පිටි පැකට් එකකින් සමන්විත සහන මල්ලක් ඉදිරියේ දී යුද හමුදාව යටතේ ලබාදීමට කටයුතු කරන බවය.

මීට අමතරව පැළ 10,000 ක් සිටුවීමේ පාරිසරික වැඩසටහනක් ද ඉදිරියේදී මීට සමගාමිව කිරීමට නියමිත බව ඒ මහතා පැවසීය.

ඒ අනුව, වාර්ෂිකව පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය, වෙසක් පෝය දින උත්සවය සහ වෙසක් සතිය මෙවර කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් නොපැවෙත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ⁣ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසීය.

mawbima.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *