රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මේ දිනවල භාණ්ඩ මිල, ඩොලර් එකේ මිල අඩුවෙමින් පවත්නා අතර රන් මිලද විශාල ලෙස පහත යාමක් දක්නට ලැබෙනවා. ඔයාලත් කැමතියිද නවතම රන් මිල දැනගන්න. මේ කියන්න යන්නේ අද දිනයේ රන් මිල වෙනස් වුනේ කොහමද කියලා
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (08) දිනයේ කැරට් 22 රන් පවුම රු. 200,750.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 218,900.00ක් ලෙස සටහන්ව තිබේ.
අද රන් මිල සටහන පහතින්,
කැරට් 24 ග්‍රෑම් 1 – රු.27,370.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.218,900.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.25,090.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.200,750.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.23,950.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.191,600.00
වෙනත් පුවත්
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (08) එල්ල වූ බඹර ප්‍රහාරයක් නිසා තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ හපුගස්තැන්න වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක්.
තේ වත්තේ ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහර දිමෙන් ඇවිස්සුණු බඹරුන් තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන්ට පහර දී ඇති බවයි මස්කෙළිය පොලිසිය සඳහන් කර ඇත්තේ.
රෝහල් ගත කළ වතු කම්කරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව මස්කෙළිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.




















