අද සවස් කාලයේදී ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් ගැන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
වෙනත් පුවත්
වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.
වීරසූරිය මහතා එම ධූරයට පත් කිරීමට අදාළ ජනාධිපතිවරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරිණ.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(8) සවස 2.00ට රැස්විය.
වැඩබලන පොලිස්පතිවරයා දින 14කට වැඩි කාලයක් එම ධූරයේ කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගත යුතුවේ.
පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මහතාට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැළැක්වීමෙන් පසු එම ධුරය පුරප්පාඩු විය. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබීය.

















