අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ එහි පළමු අදියර ලෙස මෙවර මහකන්නය වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට රුපියල් 15,000 ක දීමනාව ලබාදෙන බවයි.
එමෙන්ම එහි දෙවන අදියර ලෙස රුපියල් 10,000 ක දීමනාව ලබාදෙන බවද අමාත්‍යවරයා කියා සිටියා.
ඉන් අනතුරුව පොළොන්නරුව, අනුරාධපුරය, මහවැලි කලාපය ඇතුලු දිස්ත්‍රික්කවල ගොවිජනතාවට ඉහළ දැමූ පොහොර සහනාධාරය ලබාදීමට නියමිතයි.
ඒ සදහා රුපියල් බිලියන 02 ක් අදාළ දිස්ත්‍රික්කවලට ලබාදී තිබෙනවා.
මේ අතර ධීවර ජනතාව වෙනුවෙන් ලබාදීමට නියමිත ඉන්ධන සහනාධාර කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද අමාත්‍ය විජිත හේරත් සදහන් කළා.

















