BREAKING NEWS
Search

විශ්‍රාමික ග්‍රාම නිලධාරී වෙඩි වැදී මරුට. මරණය ගැන ඇසෙන ඇග හිරිවැටෙන කතාව මෙන්න

348

කතරගම රජමාවත පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීවරයෙක්  ඔහුගේ නිවසේ උඩු මහලේ කාමරය තුලදී හිසට වෙඩි වැදී මියගොස් ඇති බවට පවුලේ සාමාජිකයින් ගෙන් ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි කතරගම පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ බෝපිටිය වික්‍රමසිංහ විතාරණගේ අනුර (66) නැමැති විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරයෙකි. මොහුට වෙඩි වැදි ඇත්තේ ඊයේ  (07 දා) රාත්‍රියේ 11.30 පමණ බව පොලිසියට තොරතුරු ලැබී ඇත .

මෘත ශරීරය සහ තුවක්කුව තිබෙන ආකාරයට තුවක්කුව ඇඳ විට්ටමට හිරකර ඔහු විසින්ම වෙඩි තබාගෙන අති බවට පොලීසිය සැක පහල කරයි.

වෙඩි පහර වැදීමෙන් හිසෙන් විසාල කොටසක් ගැලවී ඇඳ මත විසිරී ඇති බවද පොලීසිය කියයි.අදාල තුවක්කුව රජයෙන් නිකුත් කොට ඇති බලපත්‍ර සහිත තුවක්කුවක් ද යන්න පරීක්ෂණ පවත්වන බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙය දිවි නසා ගැනීමක්ද වෙනත් යමක් සිදුවී ඇතැයි සෙවීම සඳහා පරීක්සණ අරඹා ඇතැයි පොලීසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *