රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි අනුරාධපුර – යසසිරිපුර අංක 283 හි පදිංචි පැලපිටියගේ පියතිස්ස නමැති විවාහක පෙදරේරුවකු බවයි කැස්බෑව පොලීසිය සඳහන් කළේ.
මරණකරුගේ සහෝදරිය මීට දින කිහිපයකට පෙර නිවසේ නාන කාමරයේ ලෙස්සා වැටීමෙන් වූ අනතුරකින් තුවාල ලබා මේ වනවිට ප්‍රතිකාර ලබන අතර ඇයගේ සුව දුක් බැලීම සඳහා සිය බිරිඳ සමග ඊයේ (07) කැස්බෑව මඩපාත ප්‍රදේශයේ සොහොයුරියගේ නිවසට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේදී මරණකරු නිවස පිටුපස යහමින් වැඩී තිබූ වැටමාර ගසක අතු කිහිපයක් කපා ඉවත් කිරීම සඳහා ගසට නැගී අවස්ථාවේ දී මෙලෙස විදුලි සැර වැදී ඇති බව සඳහන්.
විදුලිසැර වැදීමෙන් එම පුද්ගලයාගේ කද පහලට වැටී ඇති අතර කකුල් දෙක අතු දෙකක් අතර සිරවී තිබෙනවා.
ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණායතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර විදුලිසැර වැදීමෙන් මරණකරු ගසෙහිම එල්ලිලා ඉන්නා අයුරු දක්නට ලැබී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට භාර දී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


















