කෙසේ වෙතත් ඇය මේ වගේ තීරණයක් ගන්න ඇත්තේ ඇයි..? ඒ ගැන සියල්ලන්ටම ඇත්තේ ප්‍රශ්නාර්ථයක්.. කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලේ 11 පංතියේ අධ්‍යාපනය ලබමින් ඇය පාසල නිමවීමෙන් අනතුරුව ඇය කුරුඳුවත්තේ සිට නෙළුම් කුලුනට පැමිණ ඇත්තේ පාසල් නිල ඇඳුම සිය පොත් බෑගයේ දමාගෙන වෙනත් ඇඳුමකින් සැරසී බව පොලිසිය පවසන්නේ..
එම සපත්තු ජෝඩුවද විමර්ශනයේ දී පොලිසියට හමුවී ඇති අතර, ඇය බිමට පැන ඇත්තේද ආරක්ෂක නිලධාරීන් මෙන්ම නැරඹුම් මහලේ සිටි බොහෝ පිරිසක් මඟ හැර හුදෙකලා ස්ථානයකින් බව ද විමර්ශනයේ දී පොලිසියට පෙනී ගොස් තිබෙනවා…
නැරඹුම් මහලේ සිට බිමට පැන්න ඇය එහි දී වැටී ඇත්තේ තෙවැනි මහලේ කොන්ක්‍රිට් තට්ටුව මතටයි.. මෙම සිසුවිය නෙළුම් කුලුනට පැමිණ ඉහළ මහල වෙත ගමන් කරන අයුරු මෙන්ම නැරඹුම් මහලේ ඇය සැරිසරන අයුරු ආරක්ෂක කැමරාවලද සටහන්ව තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළා.. ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට ඉදිරියේ දී පොලිසිය කටයුතු කරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසුවා..
මෙම සිසුවිය නෙළුම් කුලුනෙන් බිමට පැන්න නැරඹුම් ස්ථානයේ සිට ඇය බිමට වැටුණු තුන්වැනි මහල අතර උස මීටර් 250ට වැඩි බවත් මෙරට ඉතිහාසයේ ගොඩනැඟිල්ලක මෙතරම් ඉහළකින් බිමට පැන සිය දිවි හානිකර ගැනීමක් සිදුකළ පළමු අවස්ථාව මෙන්ම නෙළුම් කුලුනෙන් පැන සියදිවි හානාකරගත් පළමු තැනැත්තිය ඇය වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා..

















