BREAKING NEWS
Search

ගණන් වැඩි වෙනකල් බිත්තර රකින වෙළඳුන්ට රතු එළියක්.. ඉදිරියේදී බිත්තරයට වෙන්න යනදේ මෙන්න..

675

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පසුගිය දවස්වල ගොඩක් බිත්තර මිල ගැන කතා බහ කළේ අහස උසටම බිත්තර මිල ඉහළ ගිය නිසා කිව්වොත් හරි..
ඒත් එකපාරටම පසුගිය දිනකදී අඩුවුණ බිත්තර මිල යළි කිහිප විටකදීම කතාබහට ලක්වුණේ යළි සිදුවුණ බිත්තර මිල ඉහළ යාමත් එක්කයි..

වෙළෙඳපොළේ යළිත් වරක් ඉහළ යමින් පවතින බිත්තර මිල පාලනය කිරීමට රජය විසින් පාලන මිලක් පැනවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබදව අධිකාරිය පවසනවා..

එසේ නොමැති වුවහොත් යළිත් වරක් පාලනයකින් තොරව බිත්තර මිල ඉහළ යා හැකි බවයි එම අධිකාරිය සදහන් කළේ..

පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28ත් 32ත් අතර මිල පරාසයක පැවැති බිත්තරයක මිල යළිත් රුපියල් 40 ඉක්මවා ගොස් තිබෙනවා…

ඒ, මෙරට බිත්තර නිෂ්පාදනය උපරිම මට්ටමක පවතින පසුබිමක වන අතර බිත්තර නිෂ්පාදකයින් පවසන්නේ අතරමැදියන් බිත්තර ගබඩාකර තබා ගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *