BREAKING NEWS
Search

කාල්ටන් වත්තේ විදුලි රැහැන් අයින් කරපු හේතුව මෙන්න

1182

හිටපු ජනාධිපති මහින්ද රාප්පක්ෂ මහතා පදිංචි වීරකැටිය කාල්ටන්වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් පෙරේදා (05) දහවල් විදුලි බල මණ්ඩලයේ සේවකයන් විසින් ඉවත් කරනු ලැබීය.කාල්ටන් වත්තට තෙකලා විදුලි රැහැන් ඇද තිබුණි. පෙරේදා දින ගලවා ඉවත් කරන ලද්දේ කාල්ටන් වත්තේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා සවිකර තිබූ අධිබලැති විදුලි බුබුළු සදහා විදුලිය දුන් රැහැන් බව දැන ගන්නට තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ වලස්මුල්ල ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ දී තිබූ පහසුකම් ඉවත් කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යටතේ වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ විදුලි රැහැන් දෙකක් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

කාල්ටන්වත්තට සපයා තිබූ විදුලිය සදහා අයවිය යුතු විදුලි බිල්පත්වල හා මෙම විදුලි රැහැන් ගලවා ඉවත් කිරීම පිළිබදව සම්බන්ධයක් නොමැති බව ද ඔහු පැවැසීය.

කාල්ටන් වත්තේ පැවැති විවාහ මංගල උත්සව සදහා විදුලිය ලබා දීමට විදුලිබල මණ්ඩලය මගින් සවි කරන ලද විදුලි රැහැනක් ද ගලවා ඉවත් කරන ලද විදුලි රැහැන් අතර වූ බවත් කාල්ටන්වත්තේ සවි කරන ලද තවත් විදුලි රැහැන් කිහිපයක් ඉවත් කිරීමට ඇති බවත් දැන ගන්නට තිබේ.

(චන්ද්‍රසේන ගමගේ )




Leave a Reply

Your email address will not be published. Required fields are marked *