BREAKING NEWS
Search

බීමත් සැමියාගේ කට වැසීමට බිරිද ගත් උත්සාහය නිසා සදහටම කට වැසී යයි

287

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

නොච්චියාගම, වල්පලගම ප්‍රදේශයේ නිවසක ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ (08) රාත්‍රී කායේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

අදාළ නිවසේ පවුල් ආරවුලක් ඇති බවට 119 මධ්‍යස්ථානයෙන් ලද තොරතුරක් මත එය පරීක්ෂා කිරීම සඳහා රාත්‍රී සංචාර යෙදී සිටි පොලිස් නිලධාරීන් එම ලිපිනයට ගොස් තිබේ.

එහිදී නිවසේ පුද්ගලයෙකු සිහිසුන්ව වැටී සිටියදී රෝහල් ගතකිරීමට කටයුතු කර ඇති අතර වෛදවරුන් විසින් පරීක්ෂාකර එම පුද්ගලයා මියගොස් ඇති බවට දන්වා ඇත.

මරණකරු වල්පලගම, නොච්චියාගම ප්‍රදේශයේ පදිංදිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු තම බිරිඳ සමඟ බීමත්ව නිතර ආරවුල් ඇති කරගන්නා අයෙකු බවට හා අසල්වාසීන්ට බැණවදින පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පවසන්නේ, බිරිඳ විසින් මරණකරුගේ කෑ ගැසීම වැළැක්වීම සඳහා රෙදි කැබැල්ලකින් ඔහුගේ කට වැසීමට යාමේදී සිහිසුන්වී ඇති බවට පොලිස් විමර්ශනයේදී අනාවරණය වී ඇති බවය.

මෘත ශරීරය නොච්චියාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියට අදාළ වයස අවුරුදු 42 ක් වන මරණකරුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *