මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය වලට වෙන්න යන දේ මෙන්න

269

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමග අද හෙටම  සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට  පැවසීය.

මැතිවරණ සමයේදී  මැතිවරණයට බලපෑම් ඇති විය හැකි වෛරිය ප්‍රකාශ නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව ඔහු සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී සමහරුන් සමාජ මාධ්‍ය වැරදි ආකාරයට භාවිත කළ බව හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මෙවර මහ මැතිවරණයට අපේක්ෂකයන් තුන් හාරදහසක පිරිසක් ඉදිරිපත් විය හැකි හෙයින් සමාජ මාධ්‍ය භාවිතයේ සාපේක්ෂ වැඩිවීමක් අපේක්ෂා කරන බව පැෆරල් සංවිධානය  ප්‍රකාශ කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී වැරදි  සමාජ මාධ්‍ය භාවිතයන්  වැළැක්වීමට මැතිවරණ කොමිෂන් සභාව විවිධ  උපදෙස් දුන්නද ඒවා නිසි ආකාරයට ක්‍රියාත්මක නොවූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *