BREAKING NEWS
Search

එක පෙම්වතා බෙදාගන්න කුරුණෑගල සෙබළියන් දෙදෙනා ගුටි කෙලියක

557

හමුදා සෙබළියන් දෙදෙනකු එකම පෙම්වතෙකුට ආදරය කිරීම නිසා එක් සෙබළියක් අනිත් හමුදා මිතුරියට පහරදීම නිසා කුරුණෑගල බෝයවලාන පොලිසිය මගින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂ දෙකක මුදල් ඇප මත නිදහස් කර තිබේ. මෙම සෙබළියන් දෙදෙනාම අලව්ව හමුදා කඳවුරක සේවය කරන බව පොලිසිය කියයි.

පහරදීමට මුල්වූ හමුදා සෙබළිය අනිත් සෙබළියගේ නිවසට ගොස් තමා ආදරය කරන හමුදා පෙම්වතා අත්හරින ලෙස තර්ජනය කරමින් ඇයට අතින් පයින් පහරදී තිබේ.

මෙම පහරදීම නිසා ඇය ප්‍රතිකාර පවා ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

මෙම සෙබළියන් දෙදෙනාම හොඳම මිතුරියන් බවද කියති.

නෝමන් පලිහවඩන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *