රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
නෙළුම් කුලුණෙන් අද (07) පස්වරුවේ ඇද වැටී මියගිය සිසුවිය පිළිබඳව මේ වනවිට බොහෝ තොරතුරු අනාවරණය වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඇය 29වන මහලෙහි සිට ඇති බවත් ඇගේ සිරුර 03වැනි මහලේ තිබී සොයාගත් බවයි.
මෙය ඇද වැටීමක්ද එසේත් නොමැතිනම් සියදිවි නසා ගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
ඇගේ බෑගයේ තිබී පාසල් නිල ඇඳුමක් සහ පාවහන් යුගලයක් සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
එම අවස්ථාවේදී මෙම සිසුවිය පාට ඇඳුමින් සැරසී සිට ඇති අතර ඇය තනිව නෙළුම් කුලුණ නැරඹීමට පැමිණ ඇති බවත් සඳහන්.
මෙම සිසුවියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති අතර ඇය ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.


















