BREAKING NEWS
Search

ගොඩක් තොරතුරු මා සතුව තියෙනවා. ඒ නිසා ගොඩක් ඒවා කියන්න පුළුවන් – සුගීෂ්වර රටට හෙළිකරන්න යන අරගලයේ රහස්

81

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (07) කැඳවා තිබුණා.

ඒ 2022 වර්ෂයේ මාර්තු මස 31 වෙනිදා ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවසට පිරිසක් පහර දීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සුගීශ්වර බණ්ඩාර,

“එදා ගෝඨාභය ජනාධිපතිතුමාගේ ගෙදරට පහර දීමේ සිද්ධියේ මහ මොළකරු කවුද? එතුමාව ඝාතනය කරන්න ආවේ කවුද කියන එක සම්බන්ධයෙන් අද වෙනතුරු විධිමත් පරීක්ෂණයක් කරලා නැහැ.

ඒ වෙනුවට අද මේ ජන බලවේග ආණ්ඩුව තමන්ගේ දේශපාලන දඩයම ආරම්භ කරලා තියෙනවා. මේ දවස් දාහතරේ ආණ්ඩුව මේ වෙනකොට අපි විශ්වාස කරා මේ මැතිවරණ වේදිකාවේ කෑමොර දීලා, බොරු පොරොන්දු දීලා, ඒ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරලා, අලුත් සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ආරම්භ කරයි කියලා අපි විශ්වාස කරා.

හැබැයි දවස් දාහතරක් යන කොට, අද වෙනකොට අපිට තේරෙනවා, මේ රටේ බිත්තර මිල පාලනය කරන්න බැරි ආණ්ඩුව, මේ රටේ ළුණු මිල පාලනය කරන්න බැරි ආණ්ඩුව, මේ රටේ අල මිල පාලනය කරගන්න බැරි ආණ්ඩුව, දෙනවයි කියපු විදියට තෙල් මිල අඩු කරගන්න බැරිවෙච්ච අපොහොසත් වෙච්ච, බංකොලොත් වෙච්ච ආණ්ඩුව අද තමන්ගේ ප්‍රතිවාදීන්ව, ප්‍රතිමල්ලවයන්ව, අද දේශපාලනික වශයෙන් දඩයම් කරන්න ආරම්භ කරලා තියෙනවා.

ඒ නිසා ඒකේ පළවෙනි දඩයම විදියට තමයි අද මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තියෙන්නේ. ඉතින් මම සතුටු වෙනවා ගෝඨාභය ජනාධිපතිතුමාගේ ගෙදරට ගැහුවේ කවුද? මොනවද වුණේ, කුමන්ත්‍රණය මොනවද? ගොඩක් තොරතුරු මා සතුව තියෙනවා. ඒ නිසා ඒවා ගොඩක් ඒවා කියන්න පුළුවන්. ඉදිරියේදී රටට ඒ සම්බන්ධයෙන් හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *