අයිස් මත්ද්‍රව්‍ය සමග ටෙලි නාට්‍ය නළුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා..
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තණමල්විල,බළහරුව, ගගේයාය පදිංචි 26 හැවිරිදි එදිරිසිංහ ආරච්චිගේ අසංක නම් ටෙලි නාට්‍ය නළුවායි..
අත්අඩංගුවට පත්වීමේදී ඔහු තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට රුපියල් ලක්ෂ 10ක් අල්ලස් මුදලක් ලබාදී අත්අඩංගුවෙන් මිදීයාමට උත්සාහ කළ බවයි වාර්තා වෙන්නේ..
අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ මස 11 වන දින දක්වා රදවා තබාගෙන ප්‍රශ්න කිරීම සදහා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය තණමල්විල පොලිසියට අවසර ලබා දි තිබෙනවා..
.
සැකකරු සම්බන්ධයෙන් තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරායට ලද පුද්ගලික තොරතුරටකට අනුව මෙම වැටලීම සිදුකර තිබූ අතර එහිදී සැකකරු 04 වන දින රාත්‍රි තණමල්විල බලහරුව ප්‍රදේශයේදී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 300ක් අලෙවි කිරිමට යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා..
සැකකරු අත්අඩංගුවට පත් වීමෙන් පසු අත්අඩංගුවෙන් මුදවා ගැනිම සදහා ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබා දිමට උත්සාහ කර තිබෙන අතර එමෙන්ම සැකකරු වෙනුවෙන් එම අවස්ථාවේදිම නිතිඥවරයෙකුද පොලිස් ස්ථානයට පැමිණ සැකරුට සහාය ලබා දී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ..
අත්අඩංගුවට පත් සැකකරුට මීට පෙරද තලෛයි මන්නාරම ප්‍රදේශයේ රුපියල් කෝටි 4ක අයිස් මත් ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ලව නඩු කටයුතු පවත්වාගෙන යන අතර අයතා වත්කම් ඉපැයිම සම්බන්ධ විමර්ෂණයක්ද පවතින බව මුලික පොලිස් පරික්ෂණවලදි අණවරණය වි තිබෙනවා..
සැකකරු 05 දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරිම සදහා මේ මස 11 වන දින දක්වා රැදවුම් නියෝග ලබාගෙන තිබෙනවා..
තණමල්විල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාර ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශණ පවත්වනු ලබනවා..


















