රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
අධිවේගී මාර්ගයේ ජාඇළ හුවමාරුව අසල වගුරු බිමක තිබී පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුවී තිබේ.
පොලිසිය ප්‍රකාශ කළේ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු සිදුකළ දැනුම්දීමකට අනුව අද (07) පෙරවරුවේ එම සිරුර සොයා ගත් බවයි.
මියගොස් ඇත්තේ ජාඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකු වන අතර ඔහු “අධිවේගී මාර්ග පොලීසිය”ට අනුයුක්තව සේවයකළ පොලිස් නිලධාරියෙකු බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


















