BREAKING NEWS
Search

විශ්‍රාමිකයින්ට ගෙවන සොච්චම කපා දැමීම අවසනාවන්තයි වගේම බලවත් අසාධාරණයක්

684

පසුගිය අගොස්තු මස සිට විශ්‍රාමිකයින්ට හිමි විය යුතුව ඇති රු. තුන් දහසක් (රු. 3000) ක මුදල අහිමි කිරීම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදු කළ බලවත් අසාධාරණයක් බව මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසනවා.

ඇය මේ බව පැවසුවේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්.

එම නිවේදනයේ ඇය සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය හේතුවෙන් යැයි පවසමින්, මැතවරණ කොමිසම විසින් අගෝස්තු, සැප්තෑම්බර් සහ ඔක්තෝබර් මාස තුනේ රු. නව දහසක මුදලක් විශ්‍රාමිකයින්ට අහිමි වී ඇති බවයි.

ඔක්තෝබර් මස විශ්‍රාම වැටුප සමඟ අදාල මුදල් ලබා දෙන බව පැවසූ නමුත් එම මුදල් මෙවර විශ්‍රාම වැටුප් දිනයේ ද, ගෙවීමට රජය පියවර ගෙන නොමැති අතර මහා මැතිවරණය අවසන් වන තුරු එම මුදල ගෙවීම අත්හිටුවන්නේ නම්, මාස හතරක වැඩිකල වැටුප, (රු. 12,000 ක්) විශ්‍රාමිකයින්ට අහිමි වන බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එපමණක් ද නොව, මහා මැතිවරණය අවසානයේ දී, පළාත් පාලන මැතිවරණය කැඳවනු ලබන්නේ නම්, තවත් මාස තුනකට පමණ විශ්‍රාමිකයින්ට තමන්ට හිමි විය යුතු මුදල නොලැබී යාමේ අවදානමක් පවතින බව ඇය සිය නිවේදනය මගින් අවධාරනය කර සිටියා.

රජය පොහොර සහනාධාරය, ඉන්ධන සහනාධාරය, නොමිලේ පොහොර බෙදීම සහ අනෙකුත් සහන ව්‍යාපෘති සියල්ල මේ වන විට අඛණ්ඩව පවත්වාගෙන යයි. එසේ තිබිය දී, විශ්‍රාමිකයින්ට ගෙවනු ලබන සොච්චම් දීමනාව පමණක් කපා දැමීම අවසනාවන්ත තත්වයකි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක SC/FR/258/2014 (වසන්ත ජයලත් සහ තවත් අයට එරෙහි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය) නඩු තීන්දුව මගින් මැතිවරණ සමයක සහන සැලසීම සීමාවන්ට යටත්ව සිදු කළ හැකි බවත් එසේ තිබිය දී, මැතිවරණ කොමිසම හා රජය එක්ව විශ්‍රාමිකයින්ගේ වැටුප් අයිතිය අහිමි කිරීම බලවත් අසාධාරණයක් බව මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න නිකුත කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *