BREAKING NEWS
Search

වාහන දෙකක් හමුදා කඳවුරට කඩා වැදී බිහිසුණු අනතුරක්

336

මොනරාගල කොළඹ පාරේ වරුණගම යුද හමුදා කඳවුර ඉදිරිපිට බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා.

ලොරි රථයක් සහ කැබ් රථයක් එකවරම වරුණගම යුද හමුදා කඳවුරේ තාප්පය කඩාගෙන ගොස් එකට ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරෙන් එම වාහනවල රියදුරන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එක් තුවාලකරුවෙක් ‍යුද හමුදා රථයකින් සහ අනෙක් තුවාලකරු සුවසැරිය ගිලන් රථයකින් වැල්ලවාය රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

විරුද්ධ දෙසින් පැමිණි බස් රථයකට ඉඩ ලබා දීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර ඊයේ පස්වරු 9.30ට පමණ සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *