BREAKING NEWS
Search

ප්‍රභල දේශපාලඥයෙකුට අයත් සැප රිය සගවා තිබීයදී සොයාගැනේ

51462

බස්නාහිර පළාතේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුගේ මස්සිනා පරිහරණය කළේ යැයි කියන රුපියල් කෝටි හතක් පමණ වටිනා ව්‍යාජ අංක තහඩුවක් යොදා තිබූ සුඛෝප භෝගි ජීප් රථයක් බදුල්ල ලුණුගල පෞද්ගලික විදුලි බලාගාරයක සඟවා තිබියදී සොයාගත් බව  බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු  පවසති.

ප්‍රාඩෝ වර්ගයේ  ජීප් රථයක් වූ එම රථයට සවිකර තිබී ඇත්තේ  යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් මෝටර් රථයකට අයත් අංකය බව මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි

බදුල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණු තොරතුරක් අනුව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ලුණුගල පෞද්ගලික විදුලි බලාගාරයක් සෝදිසි කර මෙම ප්‍රාඩෝ ජීප් රථය සොයා  ගනු ලැබීය.

පොලිස් භාරයට ගත් මෙම ජිප් රථය පරිහරණය කර ඇත්තේ හිටපු අමාත්‍යවරයාගේ මස්සිනා කෙනකු බවට තොරතුරු හෙළිවීයැයි පොලිසිය සඳහන් කරයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *