BREAKING NEWS
Search

සරුංගලයක් යවමින් සිටි දරුවන් දෙදෙනෙකුට විදුලි සැර වදී. බරපතළ තුවාල සමඟ රෝහලට

139

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලි රැහැනකින් විදුලිසර වැදී සිසුන් දෙදෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ, බණ්ඩාරගම බමුණු මුල්ල අලවත්ත හේන සහ අටලුගම කුරුඳුවත්ත පදිංචි 13 හැවිරිදි දරුවන් දෙදෙනෙක්.

ඔවුන් මේ වනවිට රෝහලට ඇතුළත් කර ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

තුවාලකරුවන් දෙදෙනා සහ තවත් දරුවෙක් එක්ව බණ්ඩාරගම අටලුගම කුරුඳුවත්ත දරුවා පදිංචි තෙමහල් නිවසේ ඉහළ කොටසේ සිට විනෝදයට සරුංගලයක් යවමින් සිට තිබෙනවා.

එය නිවස ආසන්නයේ පිහිටි අධිබලැති විදුලි රැහැනක පැටලී ඇති බව සඳහන්.

ඇල්මිනියම් බටයක් ආධාරයෙන් එය ගැනීමට උත්සාහ කිරීමේදී එකවරම ඇසුණු විශාල පිපිරීමක් සමගම විදුලි සැර වැදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *