BREAKING NEWS
Search

උගන්ඩාවේ සැඟ වු සල්ලි ගෙන්න අපේ පරම්පාරවේම සහාය ආණ්ඩුවට ලබා දෙනවා

199

රාජපක්ෂවරු උගන්ඩාවේ සඟවා ඇති බව කියන මුදල් යළි ගෙන්වීම සඳහා ආණ්ඩුවට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට තමන්ගේ පරම්පාවේම මෙන්ම පක්ෂයද සූදානම් බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු කියා සිටියේ කවුරු හෝ උගන්ඩාවේ සිටින කෙනෙක් කියනවානම් අපි සල්ලි එහි සඟවා ඇති බව එම මුදල් මෙරටට ගෙන්වා විදේශ රටවල ණය ගෙවා දැමීමට හැකියාව ඇති බවයි.

උගන්ඩාවේ මෙන්ම සිෂෙල්වල වලට ගුවන් යානා මගින් මෙරටින් ගෙන ගිය මුදල් යළි මෙරටට ගෙන්වීමට හැකියාව මේ ආණ්ඩුවට ශක්තිය ලැබේවායි තමා ප්‍රර්ථනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *