BREAKING NEWS
Search

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

196

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූ පිරිසකට රුපියල් 50,000 ක ප්‍රතිදානයක් ලබා දෙන බවට සංසරණය වන පණිවිඩ ව්‍යාජ බව විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ(අනුකුලතා) මේනකා පතිරණ මහත්මිය පවසනවා

අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා

මෙවැනි ව්‍යාජ පණිවිඩ හා සම්බන්ධ වී සිය පෞද්ගලික බැංකු ගිණුමට ප්‍රවිෂ්ට වීමේ දී භාවිතා වන රහස් අංකය, මුරපදය සහ OTP අංකය යනාදී තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස ඇය මහජනතාවට දැනුම් දෙනවා

එමෙන්ම, මෙවැනි පණිවිඩ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන හෙයින් එවැනි කිසිඳු අවස්ථාවක දී සිය පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් වැළකි සිටින ලෙසයි ඇය කියා සිටියේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *