BREAKING NEWS
Search

රෝහලේදී එන්නතක් විසවී මිය තරුණියගේ මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කල දේ

192

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේදී එන්නතක් විෂ වීමෙන් තරුණියක මියගියා යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව පත්කර ඇති බවයි.

ඊට අමතරව අදාළ එන්නත සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියෙන් ද වාර්තාවක් කැඳවා ඇත.

ඒ අනුව අදාළ වාර්තා කඩිනමින් ලබාදෙන්නැයි අදාළ අංශවලට නියෝග කළ බව, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය.

උදරයේ ආම්ලිකතාවක් හේතුවෙන් අදාළ තරුණිය රෝහල්ගත කර තිබුණේ, පසුගිය දෙවැනිදා උදෑසනයි.

පළමු වැනිදා උදෑසන සිට උදරයේ ආම්ලිකතාව හේතුවෙන් ඇය පීඩා විඳි නිසා, පසුදින උදෑසන විජය කුමාරතුංග අනුස්මරණ රෝහලට ඇතුළත් කළ බව මව්පියන් පවසයි.

ඔවුන් සඳහන් කළේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇයට එන්නත් කිහිපයක් ලබාදුන් බවයි.

එය විෂ වී සිය දියණිය මියගිය බවට මව්පියන් චෝදනා කළේ ය.

එලෙස මියගොස් ඇත්තේ, හසලක ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක්.

සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ පාලනාධිකාරීය සම්බන්ධ කරගැනීමට, අප උත්සහ කළ ද, එය ව්‍යර්ථ විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *