BREAKING NEWS
Search

අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසකින් හමු වූ දේ මෙන්න – ඉලක්කය වෙලා තියෙන්නේ අමතර පන්ති එන සිසුන්

629

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් හමුවූ  අනුරාධපුර කොට්ඨාස අපරාධ  විමර්ශන අංශය පවසයි. 

වසරක කාලයක සිට එම අයිස්  තොග වශයෙන් අනුරාධපුර නගරය හා ඒ අවට බෙදා හරිමින් සිටි  ඔහුගේ පුත්‍රයා, ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ද    අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මල්වතු ඔය භාර, කුඩා නෙළුබෑව , කැකිරාව සහ මැදවච්චිය, යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.

වසරක කාලයක සිට සූක්ෂම ලෙස මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු  කර ගෙන යන බවට ලැබුණු  තොරතුරුකට අනුව කාලයක්  තිස්සේ සිදු කළ දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

කැකිරාව, මැදවච්චිය, තඹුත්තේගම නොච්චියාගම , එප්පාවල සහ තලාව වැනි ප්‍රදේශවල සිට අනුරාධපුරයට පැමිණෙන අමතර පන්ති සිසුන් , මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ විවිධ වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *