BREAKING NEWS
Search

නැටුම් තෙල් බී ගෙදර ආ මල්ලි, අයියාට කල අහස පොලොව නුහුලන අපරාධය

191

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ .

මෙසේ ඝාතනය කර ඇත්තේ කුච්චවේලි , නාවච්චෝලේ, කුඹුරුපිටිය පදිංචි ගුණශීලන් සෙන්දුරන් (29) නැමති අයයි.

බීමතින් නිවසට පැමිණි බාල සහෝදරයා සමග ඝාතනය වූ වැඩිමහල් සහෝදරයා බහින් බස්වීමක් සිදු වී ඇති අතර එය දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස වැඩිමහල් සහෝදරයාට පොරවකින් පහර දී ඇත

වෙනත් පුවත්

නීති විදුහල්පති මාරු කරන්න එපා

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ  සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී ආචාර්ය

හරිනි අමරසූරිය මහත්මියගෙන් ලිඛිත  ඉල්ලීමක් කර ඇත. 

ආචාර්ය අතුල පතිනායක නීති විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරූ 2021 – 24 කාලයේ  නීති විද්‍යාලයේ පරිපාලනය ශක්තිමත් කිරීම උදෙසා සැලසුම් සහගත පියවර රාශියක් ගන්න ලැබූ අතර

මේ වන විට නීති ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම විද්‍යාල කාර්ය මණ්ඩලයද එම සැලසුම්වල ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින බව නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අගමැතිවරියට  යැවූ ලිපියේ සඳහන් වේ. නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා  මාරු කළහොත් එය නීති  විද්‍යාලයේ ප්‍රගතියට හා සංවර්ධනයට හානිකර බලපෑමක් විය හැකි බවද සේවක මණ්ඩලය අගමැතිනියට ඉදිරිපත් කරන ලද ලිපියෙන්  පෙන්වා දී තිබේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *