BREAKING NEWS
Search

පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්. හෙටට පෙර මේ දේ කරන්න

393
දැනට පිටවී ඇති බව පැවසෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ට අමතරව වෙනත් ප්‍රශ්න පිටවී ඇති බවට සාක්ෂි පවතින්නේ නම් ඒ පිළිබඳ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත ලබා දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.
එහි දැක්වෙන්නේ එළඹෙන 07වන දිනට පෙර අදාළ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙසයි.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති බවට පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ එහි උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු පවා තාවකාලිකව නවතා දමා තිබේ.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති අතර අදාළ පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුවී තිබේ



Leave a Reply

Your email address will not be published. Required fields are marked *