BREAKING NEWS
Search

අර්තාපල් සහ ලූනු සඳහා වන විශේෂ ආනයන බද්ද වැඩි කරයි

317

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

එසේම ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල්වල ආනයනික වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 60 දක්වා රුපියල් 10 කින්ද, රුපියල් 10ක්ව පැවති ආනයනික බීලූනු බද්ද රුපියල් 30 දක්වා රුපිය්ල 20 කින්ද ඉහළ නැංවීමටද රජය පියවර ගෙන ඇත.

වෙනත් පුවත්

මෙක්සිකෝවේ දරුණු ජල ගැලීම් තත්ත්වයක්

මෙක්සිකෝවේ දරුණු ජලගැලීම් තත්ත්වයක් බලපා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්  ඔහාකා ප්‍රාන්තයේ සිය ගණනක් අවතැන්ව සිටින බවයි.

මෙක්සිකෝවේ මේ දිනවල අධික වැසි සහ ජල ගැලීම් ඇතුළු අයහපත් කාලගුණ තත්ත්වයක් වාර්තා වෙයි.

ඉන් වැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ ඔහාකා ප්‍රාන්තයට යි.

ඒ අනුව ප්‍රාන්තයේ නගර රැසක්ම ජලයෙන් යටවී ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව පීඩාවට පත්වූ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට සහන සේවකයින්  පියවර ගෙන තිබුණි.

ජලගැලීම්වලින් පීඩාවට පත්වූ පිරිස්හට සහාය වීම සඳහා සහන සේවා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ද වාර්තා විය.

ඉදිරි දින කිහිපයේදීත් ඔහාකා ප්‍රාන්තයෙන් අධික වැසි තත්ත්වයක් වාර්තාවිය හැකි බවට මෙක්සිකානු කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබුණි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *