BREAKING NEWS
Search

හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි

380

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව  ශ්‍රී පුර පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පදවි ශ්‍රීපුර, ගැමුණු පොත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි  පුද්ගලයෙකි .

ශ්‍රීපුර, ගැමුණුපුර ප්‍රදේශයේ මොරඔයෙන් එගොඩවීමට යාමේදී කිඹුල් ප්‍රහාරයකට ලක්ව පුද්ගලයකු මියගොස් ඇති බවට ශ්‍රීපුර  පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

මියගිය පුද්ගලයා තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග මොර ඔයෙන් එගොඩවී රන්ජිත් මංකඩ ප්‍රදේශයේ සාදයක් දමා ඇති අතර නිවසේ තිබූ මස් වගයක් රැගෙන ඒම සඳහා නැවත මොර ඔයෙන් එගොඩවීමේදී කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

(ගයාන් සූරියආරච්චි)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *