ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලන්ඩන් සහ කොළඹ අතර ගුවන් ගමන් මාර්ගයේ වෙනසක් සිදු කර තිබෙනවා.
ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉරාක ගුවන් සීමාව මගහැරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ.
ඒ අනුව කොළඹ සිට ලන්ඩන දක්වා ගුවන් ගමන් ඊජිප්තු ගුවන් කළාපය හරහා සිදු කෙරෙන අතර ඒ හේතුවෙන් අදාළ ගුවන් ගමනේ කාලය ආසන්න වශයෙන් මිනිත්තු 30කින් වැඩි වන බව ද ඔවුන් පෙන්වා දුන්නා.
ඒ අනුව ඉන්ධන වැයවීම ද ඉහළ යන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.
වෙනත් පුවත්
මොරඔයේ කිඹුලෙකු සපා කෑමෙන් අයෙකු මරුට
ගැමුණුපුර ප්‍රදේශයේ මොරඔයේ කිඹුලෙකු සපා කෑමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය අංශය නිවේනය කළේ පසුගිය 04 වනදා මෙම සිදුවීම සිදුව ඇති බවයි.
මිය ගිය පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ එදින සවස් කාලයේ මොර ඔයෙන් එගොඩ වී රංජිත් මංකඩ ප්‍රදේශයේ මත්පැන් පානය කර තිබෙනවා.
එහිදී නිවසේ තිබු මස් රැගෙන ඒමට නැවත ඔයෙන් එගොඩ වීමේදී කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇති බව පොලිසිය කල මුළික විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.
මෘත ශරීරයේ කොටසක් කිඹුලා විසින් කා දමා ඇති බව නිරික්ෂනය වී ඇති බව පොලිසිය කියා සිටියා.
මෘත ශරීරය මරණ පරික්ෂණය සිදු කර අනුරාධපුර රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් ශ්‍රී පුර පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනවා.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 60 ක් වු ගැමුණුපුර, පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
















