BREAKING NEWS
Search

අශේන් පාර්ලිමේන්තු මැතිවරණයට

279

යූටියුබ් අවකාශයේ  සහ සමාජ මාධ්‍යජාලවල ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වන අශේන් සේනාරත්න පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව, එළඹෙන මහ මැතිවරණයේදී ඔහු කොළඹින් තරඟ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ව්‍යවසායකයෙකු  ලෙස මෙන්ම, සමාජ සේවා සම්බන්ධ නිර්මාණශීලී වීඩියෝ ඉදිරිපත් කිරීම තුළින් අශේන් බොහෝ පිරිසක් අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

Source:asianmirror

වෙනත් පුවත්

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ විමර්ශන ආරම්භ කර වරාය කළමනාකාරවරයා ඇතුළු සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ධීවර වරාය නීතිගත සංස්ථාවේ මානව සම්පත් කළමනාකාර සිසිල ගුණතිලක මහතා අද(3) පැවැසීය.

බේරුවල ධීවර වරායේ  හිටපු කළමනාකරු, මුදල් අයකැමිවරයකු, ඉන්ධනහල් භාරකරු, ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන් දෙදෙනකු, කාර්යාල කාර්ය සහායක ඇතුළු හත්දෙනකු එම සිද්ධියට චෝදනා ලබා සිටින බව බේරුවල ධීවර වරායේ ප්‍රකාශකයෙක්  පැවැසීය.

නව රජය පත්වීමත් සමග එම ධීවර වරාය වෙත පැමිණි විගණනන කණ්ඩායමක් කළ  විගණනයයේදී එම මුල්‍ය වංචාව පිළිබඳව තොරතුරු හෙළිවී ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *