Search

උදේ දුන් පත්වීම පොලිස්පති හවස නවත්වයි

377

මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂක ලෙස ඊයේ පත් කරනු ලැබූ පොලිස් අධිකාරි ටී. එම්. අජන්ත රොද්‍රිගෝ මහතා එකී තනතුර සඳහා නුසුදුසු බව වාර්තා වීමත් සමඟ වහා එම පත් කිරීම අවලංගු කිරීමට එකී පත් කිරීම සිදුකළ වැඩබලන පොලිස්පතිවරයා ඊයේ (04දා) කටයුතු කර ඇත.

ඒ අනුව එම තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ජේ. එස්. කුමාරසිංහ මහතා ඊයේ සවස පත් කර ඇත.

පොලිස් අධිකාරි ටී. එම්. අජන්ත රොද්‍රිගෝ මහතා එකී තනතුරු සඳහා යෝග්‍ය නොවන ආකාරයට මීට පෙර කටයුතු කර ඇති බවට කරුණු හෙළි වූ බවත් ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා මෙම තීරණය ගත් බවත් ඉහළ නිලධාරියෙක්  පැවසීය.

සිරිමන්ත රත්නසේකර

‘දිවයින




Leave a Reply

Your email address will not be published. Required fields are marked *